Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th April 2024 11:30:59 Hours

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 අප්‍රේල් මස 07 දින නිල සංචාරයක නිරත විය.

ඒකක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් විසින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, අණදෙන නිලධාරිතුමන් විසින් එම ඒකකයේ කාර්යභාරය පිළිබඳ සේනාංකාධිපතිතුමන් සවිස්තරාත්මකව දැනුවත් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටි සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.

මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවාරුවක් සිදුකිරීමෙන් අනතුරුව සේනාංකාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

සංචාරයේ සමාප්තියේ සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරතවිය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.