Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th April 2024 11:00:59 Hours

14 පාබල සේනාංකයේ 13 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

14 පාබල සේනාංකයේ අභිමානවත් 13 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පි ගේ මඟපෙන්වීම මත 2024 අප්‍රේල් මස 06 දින සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.

සංවත්සර සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එම මූලස්ථානය වෙත සපැමිණී සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් එතුමන් වෙත සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනීසිටි සේනාංකාධිපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ සංගීතමය වැඩසටහනක් පැවති අතර සියලු නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.