Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2024 16:28:36 Hours

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ඔඩ්ඩුසුඩාන්, කුලාමුරිප්පු උළු කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහාය ඇතිව ප්‍රතිසංස්කරනය කරනු ලබන ඔඩ්ඩුසුඩාන්, කුලාමුරිප්පු උළු කර්මාන්ත ශාලාවෙහි, 2024 අප්‍රේල් මස 07 දින නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති, කර්මාන්තශාලාවේ කළමනාකරු, සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.