Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2024 13:07:05 Hours

අම්පාර සටන් පුහුණු පාසල පවුලේ සාමාජිකයන් සමඟ අලුත් අවුරුද්ද සමරයි

අම්පාර සටන් පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද සිංහල දමිළ අලුත් අවුරුදු උත්සවය 2024 අප්‍රේල් මස 6 දින එම පුහුණු පාසලේ සේවයේ නියුතු නිලධාරීන්,සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව පුහුණු පාසල් ක්‍රිඩාංගනයේ දී පැවැත් වූහ.

අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ එම පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා උත්සවයේ කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙහිදී සාම්ප්‍රදායික ජනක්‍රීඩා සදහා මුල්තැනක් ලබාදී තිබීම කැපී පෙනිණි.

මෙම උත්සව අවස්ථාට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, පාඨමාලා සිසුන් සහ එම පුහුණු පාසලේ කාර්යමණ්ඩලයේ පවුල්වල සාමාජිකයින් සහභාගි විය.