Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2024 13:25:58 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පාඨමාලා අංක - 36 සාර්ථකව අවසන්

ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පාඨමාලා අංක - 36 විසිර යාමේ පෙළපාලිය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී පැවැත්විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූහ.

ප්‍රතිත්‍රස්ත සහ කැලෑබද සටන් පාඨමාලා අංක - 36 සාර්ථකව අවසන් කළ සෙසු නිලයින් 42 දෙදෙනෙකු සඳහා 2024 අප්‍රේල් මස 08 දින සහතික පත්‍ර ප්‍රදානය කරන ලද අතර, පාඨමාලාවේ දක්‍ෂතම සිසුවා ලෙස 1 විශේෂ බලකා රෙජිමේන්තුවේ කෝප්‍රල් ජේ.එච්.කේ සිල්වා සම්මාන ලැබීය.

2024 ජනවාරි මස 16 දින සිට 2024 අප්‍රේල් මස 08 දින දක්වා පවත්වන ලද මෙම පාඨමාලාව සදහා දේශන සහ ප්‍රායෝගික පුහුණු අභ්‍යාසයන් ඇතුලත් විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.