Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2024 13:39:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති රාජකාරී අරඹයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ 3 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඒස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 අප්‍රේල් මස 04 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිය ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව බලකාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ඒස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සිදුකළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඒස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියහ.

නව බලකාධිපතිතුමන් එම බලකායේ නිලධාරින් අමතා තම ඉදිරි දැක්ම පෙන්වා දෙමින් රෙජිමේන්තුවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කරමින් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළ අතර, රෙජිමේන්තුවේ ඉදිරි සංවර්ධනය සඳහා තම කැපවීම සහ වගකීම් පිළිබඳවත් අදහස් දැක්වීය.

උත්සව කටයුතු අවසානයේදී, නව බලකාධිපතිතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයට සහභාගී වී, පැමිණ සිටි පිරිස සමඟින් සුහඳ අදහස් හුවමාරුවක ද නිරත විය.