Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2024 13:37:04 Hours

21 පාබල සේනාංකයේ 36 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

21 පාබල සේනාංකයේ 36 වන සංවත්සරය දිනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව අප්‍රේල් මස 04 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර දිනයට පෙර එම සේනාංකය, බලසේනාවන් සහ ඒකකයන්හි නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලදී. භටපිරිස් වෙත ආශිර්වාද එක්කිරිමේ අමුණින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් ද පවත්වන ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත 7 (ස්වේච්ජා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් එම සේනාංක මූලස්ථාන ප්‍රධාන දොරටුව අසල දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව සංවත්සර දිනයේ කටයුතු ආරම්භ විය.

අනතුරුව, එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය. එදින සන්ද්‍යාවේදී සංගීත ප්‍රසංගයක්ද පැවැත්විණි. උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.