Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2024 10:15:54 Hours

14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවෙන් ගෑස් කාන්දුවක් වළක්වා ගනී

වැලිවේරිය ලංකා ස්ටීල් සමාගමේ (Steel Company) 2024 අප්‍රේල් මස 05 දින සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සහ දේපළවලට සිදුවිය හැකිව තිබූ විශාල හානියක් කඩනමින් ක්‍රියාත්මක වී වැළැක්වීමට 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රතිචාර රෙජිමේන්තුව සමත්වූහ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - ගම්පහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකතුමන්ගේ උපදෙස් පරිදි එම රෙජිමේන්තුව විසින් වැලිවේරිය, ඇඹරළුව ප්‍රදේශයේ පිහිටි පරණ යකඩ එකතු කරන ස්ථානයක කිලෝග්‍රෑම් 111 සිලින්ඩරයකින් ඇති වූ ගෑස් කාන්දුවක් මෙලෙස හානිදායක නොවන ත්ත්වයට පත්කිරීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ මඟපෙන්වීම හා 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්.ජේ සල්ගාදු ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය මත මෙම ගෑස් කාන්දුව සාර්ථකව නිෂ්ක්‍රීය කරන ලදී.