Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2024 13:57:13 Hours

22 පාබල සේනාංක එල්ලේ තරඟාවලියේ ශූරතාවය 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත ‍‘සේනාංකාධිපති අභියෝගතා කුසලාන එල්ලේ තරඟාවලිය -2024’ මාර්තු මස 27 දින සිට මාර්තු මස 30 දින දක්වා පැවැත්වූ අතර, තරඟාවලිය සඳහා 22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත පාබල බලසේනාවන් සහ ඒකකයන්හි කණ්ඩායම් 10 ක් සහභාගී වූහ.

මූලික තරඟ වට 10 කින් පසුව 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම සහ 5 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබහ. අවසන් මහා තරඟයේදී පැවැති තියුණු තරඟයකින් අනතුරුව 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩායම ශූරතාවය හිමිකරගැනීමට සමත්වූහ. මොල්ලිපොතාන හමීඩියා ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී විය.

මෙම අවස්ථාවට 22 පාබල සේනාංකය යටතේ රාජකාරි නියතු පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.