Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2024 13:49:58 Hours

නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවක් ඉදිකිරීමට මුල්ගල තබයි

මාලිගාතැන්න, කිරලගොල්ල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 අප්‍රේල් මස 06 දින මුල්ගල තැබිණි.

111 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, ප්‍රදේශවාසීන් සහ එම ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පී.කේ. වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එල්එස්සී ගේ සුරතින් නව නිවස සඳහා මුල්ගල් තැබීය. උත්සව අවස්ථාව සඳහා 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින්, සෙසුනිලයන් සහ නිවාසලාභීයා සහභාගී වූහ.