Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2024 13:47:37 Hours

ධූරයෙන් නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත 23 පාබල සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත 23 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස්හි ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 04 දින පවත්වනු ලැබිය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරයාමේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. සමූහ ඡායාරූපයකට සහභාගී වූ එතුමන් සිය ධූර කාලය සනිටුහන් කරමින් 23 පාබල සේනාංක පරිශ්‍රයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, 23 පාබල සේනාංකයේ සියලු නිලයන් තම ධූර කාලය තුළ දැක්වූ සහයෝගය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පුදකළේය. එතුමන්ගේ නායකත්ව ගුණාංග ඇගයීමට ලක්කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව සුහදත්වය සහ එකමුතුකම සංකේතවත් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගී විය.

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා මෙම අවස්ථාව සඳහා 231, 232 සහ 233 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මාණ්ඩලික නිලධාරීන්, 23 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ද එක්ව සිටියහ.