Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2024 14:25:02 Hours

ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 28 සාර්ථකව අවසන්

නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 28 සාර්ථකව හදාරන ලද භටපිරිස් විසිර යාමේ උත්සවය පසුගිය සඳුදා (අප්‍රේල් මස 01) දින පවත්වන ලදී.

එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේ සේනාවිධායකතුමන්ගේ ආරාධනයෙන් 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. නිලධාරීන් 5 දෙනෙකු සහ සෙසු නිලයන් 90 දෙනෙකු ඇතුළුව 95 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පහත සඳහන් ජයග්‍රාහකයින් වෙත සහතික පත් ප්‍රදානය කරන ලදී.

දක්‍ෂතම ශිෂ්‍යයා සහ දක්‍ෂතම වෙඩික්කරු - ගජබා රෙජිමේන්තුවේ කපිතන් පී.එෆ්.ඒ.එල් ෆොන්සේකා.

හොඳම ශාරීරික යෝග්‍යතාව හිමි ශිෂ්‍යයා - ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් යූ.ඊ.සිල්වා

මෙම අවස්ථාවට 53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක බලකාය) සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.