Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2024 14:04:35 Hours

573 පාබල බලසේනාවේ නව කාර්යාල සංකීර්ණයට මුල්ගල් තබයි

කැටපොල ප්‍රදේශයේ නවතමයෙන් පවරාගත් ඉඩමේ ඉදිකිරීමට යෝජිත 573 පාබල බලසේනාවේ නව කාර්යාල සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 04) දින ආගමික වතාවත් මධ්‍යයේ සිදු කරන ලදී.

මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාව සඳහා 573 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.ඩී.ජී.ඒ ජයවර්ධන යූඑස්පී පීඑස්සී ගේ ආරාධනයෙන් එම පාබල බලසේනාවේ හිටපු බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඩී.ආර් බුදාගොඩ යූඑස්පී සහභාගී විය.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.