Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2024 13:03:46 Hours

56 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් බෝගස්වැව ප්‍රදේශවාසීන් වෙනුවෙන් අක්‍ෂි සායනයක්

බෝගස්වැව ප්‍රදේශයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට උපකාර කිරීමේ අරමුණින් 11 ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් 2024 මාර්තු මස 23 දින බෝගස්වැව ප්‍රාථමික වෛද්‍ය සේවා පරිශ්‍රයේදී අක්‍ෂි සායනයක් පැවැත්විණි.

එහිදී, දෘෂ්‍යාබාධිත පුද්ගලයින් 424 දෙනෙකු අක්‍ෂි පරීක්‍ෂාවට ලක්කෙරුණු අතර අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය යටතේ රෝගීන් 77 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා යොමුකරන ලදී.

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ සංවිධානයේ සහකාර ලේකම් ආචාර්ය සර්වේස්වරන් මහතාගේ නොමසුරු දායකත්වය සහ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ සංවිධානයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.