Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2024 13:00:26 Hours

11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ප්‍රජා මූලික වැඩසටහනක්

11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් පසුගිය දා ශාන්ත ෆාතිමා රෝමානු කතෝලික විද්‍යාලයීය පරිශ්‍රෙය්දී ජල සම්පාදන ව්‍යාපෘතියක් ඉදිකරන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන තුළින් පාසල් සිසු සිසුවියන් ඇතුළු කාර්යය මණ්ඩලයට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ හැකියාව පවතී.

එමෙන්ම, 7 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ආනන්දපුරම් ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. ස්වාමි පුර්ෂයා අහිමි මවක් සහ කුඩා දරුවෙකුගෙන් සමන්විත එම පවුලේ සාමාජිකයන් විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් දිවිගෙවනු ලැබීය. ඇමරිකාවේ පදිංචි ධානපතියෙකුගේ පරිත්‍යාගශීලීත්වය මත ඉදිකරනු ලැබූ මෙම නව නිවස 2024 අප්‍රේල් මස 02 දින පැවති උත්සවයකදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ සුරතින් නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, කිලිනොච්චි අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. මුලරිදරන් මහතා, ශාන්ත ෆාතිමා රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පතිනි නිර්මලා වසන්තන් පියතුමන්, සිසු සිසුවියන් සහ ප්‍රෙද්ශවාසී වැසියන් ද සහභාගී වූහ.