Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2024 12:03:35 Hours

හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත 22 පාබල සේනාංකයේ ගෞරවාචාරය

22 පාබල සේනාංකයේ භටපිරිස් විසින් හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 01 දින එම සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ ඡායාරූප කිහිපයකට ද එතුමන් සහභාගී විය. ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූහ.

පසුව, ප්‍රතිසංස්කරණය කරනු ලැබූ සෙසුනිල ‘Lagoon View’ නිවාඩු නිකේතනය ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සුරතින් විවෘත කිරීමෙන් අනතුරුව 22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන් වෙත පාපැදි බෙදාදෙනු ලැබීය. මීට සමගාමීව, 20 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පරණමැදවච්චිය ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් එතුමන්ගේ සුරතින් නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

පැවති දිවා භෝජන සංග්‍රහයයෙන් අනතුරුව ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.