Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2024 11:47:47 Hours

ගැමුණු හේවා බලකායේ විශ්‍රාමික සාමාජිකයන්ගේ පරිපාලන ගැටලු පිළිබඳ සොයාබැලීමේ වැඩසටහනක්

ගැමුණු හේවා බලකායේ විවිධ නිලයන්හි විශ්‍රාමික සාමාජිකයන්ගේ පරිපාලනමය කරුණු පිළිබඳ සොයාබැලීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 24 දින 5 ගැමුණු හේවා බලකා පරිශ්‍රයේදී පැවැත්වූ අතර, එම අවස්ථාවට විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ. මෙම අවස්ථාව සඳහා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය, සුබසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය, වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.