Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2024 18:04:10 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී දළදා වහන්සේ වැදපුදා ගනීමෙන් පසු මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 20 දින මහනුවර ‘ශ්‍රී දළදා මාලිගාව’ වැදපුදා ගැනීම සඳහා පැමිණයේය.

ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩණ නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමේන් අනතුරුව, මාණ්ඩලික ප්‍රධානී උතුම් දළඳා වහන්සේ වැඩසිටින ගන්ධ කුටිය සහ පත්තිරිප්පුව වෙත පැමිණ පුදපූජා පැවැත්විය. අනතුරුව මාණ්ඩලික ප්‍රධානී සහ දියවඩන නිළමේතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු විය.

චාරිත්‍ර වලින් අනතුරුව, මාණ්ඩලික ප්‍රධානි විසින් මල්වතු අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් වන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ සහ අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් විය. එහිදී රෝහලේ වත්මන් කටයුතු, පරිපාලනය සහ භටකාර්ය සම්පාදක කටයුතු පරීක්‍ෂා කිරීමට එතුමන් කටයුතු කළේය, එහිදී මහනුවර යුද්ධ හමුදා මුලික රෝහලේ කලමනාකරන හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර්. පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් උණුසුම් ලෙස පිළිගත්තේය. එම අවස්ථාවට යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් රෝහල් පරිශ්‍රයට පැමිණ සිටියහ.

රෝහල වෙත පැමිණි මාණ්ඩලික ප්‍රධානී වෙත මහනුවර යුද්ධ හමුදා මුලික රෝහලේ කලමනාකරන හා නඩත්තු අධ්‍යක්‍ෂතුමන් යුද්ධ හමුදා මූලික රෝහලේ වත්මන් කාර්යයන්, පරිපාලනය සහ සැපයුම් අවශ්‍යතා පිළිබඳ දැනුවත් කරන ලදී.

නිල සංචාරය අවසානයේදී එතුමන්, රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත සෙසු නිල වාට්ටු, රංග ශාලාව, දන්ත වෛද්‍යා ශල්‍යගාරය, මුළුතැන්ගෙය සහ සෙසු නිල භඨනිවාස පහසුකම් ආදිය නිරීක්‍ෂණය කරනු ලැබීය.