Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2024 17:49:51 Hours

යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක 2(ස්වෙච්ඡා) යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින කටුනායක පිහිටි 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ආර්.ඒ. උඩරටගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව එම ඒකකයේ භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

සංචාරය අතරතුර, එතුමන් භටපිරිස් අමතා කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර, සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වෙමින් භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ. කඳවුරු පරිශ්‍රයේ පිටත්ව යාමට පෙර එතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද එක්ව සිටියහ.