Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2024 15:55:48 Hours

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී 2024 පෙබරවාරි මස 28 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය. එම රෙජිමේන්තුවේ භටපිරිස්හී සුවදුක් විමසා බැලීම, රෙජිමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සහ එම රෙජිමේන්තුවේ පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීමේ අරමුණින් මෙම සංචාරය සිදුකෙරිණි.

එම රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් රෙජිමේන්තු ක්‍රියාකාරිත්වය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකළේය. පසුව, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් විසින් පරිපාලන කටයුතු වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ද ලබාදෙන ලදී.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.