Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2024 16:16:58 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් මොණරාගල, මාරගලකන්ද රක්‍ෂිතයේ ඇති වූ ලැව් ගින්නක් මැඩපවත්වයි

මොණරාගල, මාරගලකන්ද රක්‍ෂිතයේ 2024 මාර්තු මස 11 දින ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා 18 ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම යටතේ 25 කට අධික භටපිරිස් ප්‍රමාණයක් මෙම හදිසි ක්‍රියාන්විතය වෙනුවෙන් දායක වූහ.