Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2024 14:24:40 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් ඒකක සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 මාර්තු මස 06 සහ 07 දෙදින තුළ 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව, 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිල සංචාරයක නිරත වෙමින් එම ඒකකයන්හි සේවයේ නියුතු භටපිරිස්හි සුවදුක් විමසා බැලීය.

ඒකක මූලස්ථානයන් වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකරන ලදී.

මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී භටපිරිස් ආමන්ත්‍රණය, පැළ රෝපණය කිරීම සහ කඳවුරු නිරීක්‍ෂණ චාරිකාවන් මෙන්ම භටපිරිස් සමඟින් සමූහ ඡායාරූපයන් සඳහා ද පෙනී සිටියහ. සංචාරයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබූ අතර, එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.