Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2024 09:32:27 Hours

‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2024’ තරඟාවලිය සාර්ථකව අවසන්

විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් සංවිධානය කරනු ලබන ‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2024’ තරඟාවලිය 2024 මාර්තු මස 31 දින කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ත්‍රිවිධ හමුදා ධාවකයින්, සිවිල් සහ තරුණ ධාවකයින් ඇතුළු 80 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය ධාවන ඉසව් 14 කින් සමන්විත විය.

මෙවර විජයබාහු මෝටර්ක්‍රොස් තරඟාවලය, ප්‍රථම වතාවට ATV රථ ධාවන ඉසව් ‍දෙකකින් ද සමන්විත විය. තරඟාවලිය සමාප්තියේ, ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ප්‍රමුඛ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සහභාගී වී තරඟාවලිය සියැසින් දැකබලාගත්හ.

‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2024’ තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ තරඟකරුවන් පහතින් දැක්වේ:

යුද්ධ හමුදාධිපති කුසලානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.ඩබ්ලිව්.එල්.ජේ. කුමාරසිංහ

වේගවත්ම ධාවකයාට හිමි කුසලානය - ජැක්ස් ගුණවර්ධන

වසරේ නැගී එන යතුරුපැදිකරු - සන්දෙව් අමරසිංහ

වැඩිම දුර පැන්නීමට හිමි කුසලානය - ඩී.එම්.ඩී. කල්හාර