Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th October 2017 19:49:45 Hours

‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුධ අභ්‍යාසය සාර්ථකව ඉදිරියට

ඉන්දියාවේ දැන් පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ ක්‍රියාන්විත යුධ අභ්‍යාසයට සහභාගි වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් යුද්ධ අභ්‍යාසයන් වල නියැලෙමින් පසුගිය දින කිහිපය තුල ඉන්දියානු පාබල හමුදා උපක්‍රම, අවි පුහුණුව සහ සංග්‍රාමික උපක්‍රම පිලිබඳව ද හැදරීමට අවස්ථාව ලැබී ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස ඉරිදා (15) දින අවුන්ද් (AUNDH) යුද්ධ හමුදා ජනපදයේ සහ පූනේ නගරයේ සංචායක නිරත විය. ඉන්දියානු යුද්ධ හමුදා යුධ අභ්‍යාස බලධාරින් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිසට අවට පරිසරය පිලිබඳ අවබෝධයක් ලබාගැනීමට කණ්ඩායම් කිහිපයක් වශයෙන් බෙදා මෙම සංචාරය සංවිධානය කොට තිබුණි.

මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ නිරත භට පිරිස් සඳුදා (06) දින කැලෑබඳ මාර්ග සටන් වෙඩි තැබීම් (jungle lane firing) පිලිබඳව පුහුණු අභ්‍යාසයන්හි නිරත වු අතර, වැවක් තරණය කරමින් එම පුහුණු ප්‍රදේශය වෙත භට පිරිස ගමන් ගන්නා ලදි. ආරක්ෂිත ආවරණ පැලඳ කැලෑබඳ මාර්ගයන් හී පෙන්ට් බොල් අවි (paintball) භාවිතා කර ඉල්ලක පත් 16 ක් වෙත වෙඩි තැබීමට සුදානම් කර තිබු අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් එම ඉලක්ක පත් 16 ටම සාර්ථක ලෙස වෙඩි තැබීම් සිදු කර තිබුණි.

‘මිත්‍ර ශක්ති’ භට පිරිස් පෙරවරුවේදී සතුරු නිවාස නිසැක කරගැනීමේ (House Clearing Drills) සරඹය විමර්ශන සහ නිරික්ෂණ ස්ථාන රාජකාරින් පිලිබඳ දේශන සහ අභ්‍යාසයන්හි නිරත වුහ. මෙම දේශන සහ පුහුණු අභ්‍යාසයන් ඉන්දියානු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා  භට පිරිස් දෙපාර්ශවයටම තම අත්දැකිම් පිලිබඳ අවබෝධයක් හා දැනුමක් ලබාගැනීමට කදිම අවස්ථාවක් විය.

අඟහරුවාදා (17) දින ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසයේ නිරත භට පිරිස් විසින් හෙලිකොප්ටරයක සිට කඹ ආධාරයෙන් ගොඩ බැසිම පිලිබඳ අභ්‍යාසයන් හී නිරතවු අතර, ඊට ප්‍රථම එම අභ්‍යාසය පිලිබඳව උස් කුළුනක් මත සිට කඹයක ආධාරයෙන් ගොඩ බසිමින් පුහුණු අභ්‍යාසයන් හි නිරත වුහ.

අඟහරුවාදා (17) දින පස්වරුවේ භට පිරිස් විසින් ප්‍රදේශ මුර සංචාර පිලිබඳව දේශනයකට සවන් දෙන ලදි.

best Running shoes | Men's Footwear