Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2024 13:26:11 Hours

‘ගෝලීය මානව සම්පත් නායකත්ව සම්මානයෙන්’ පිදුම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 15) දින ඉන්දියාවේ, මුම්බායිහි පැවති ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ 32 වන සංස්කරණය අතරතුර පැවති සම්මාන උළෙලේදී 2024 වර්ෂය සඳහා වන ගෞරවනීය ‘ගෝලීය මානව සම්පත් නායකත්ව සම්මානයෙන්’ පිදුම් ලැබීය.

එම විශිෂ්ඨ ජයග්‍රහණය අගයමින් ඉකුත් බදාදා (පෙබරවාරි මස 28) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත සමරු තිළිණයක් ප්‍රදානය කර එතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළේය.

මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී සිව්වන වරටත් මෙම සම්මානය හිමිකරගනිමින් ජාතික ආරක්‍ෂක පරිපාලනය සබැඳිව එතුමන් සතු දැනුම, ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය, මානව සම්පත් සංවර්ධනය සහ නායකත්වය මැනවින් පිළිබිඹු කර ඇත.