Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘ආසියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස්’ මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 400 දිවීමේ සහ හෙල්ල විසිකිරීමේ ඉසව්වන්හිදී දස්කම් දැක්වීමට යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් සමත්වෙයි

චීනයේ ජියැංජින් (Jiangjin) හිදී ජූනි මස 4 දින සිට 7 දින දක්වා පැවැති ‘ආසියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස්’ මළල ක්‍රීඩා තරඟාවලියේ දී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් සමත්විය.

ඒ අනුව, මීටර් 400 දිවීමේ තරඟය තත්පර 53.24 කින් අවසන් කරමින් තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් රිදී පදක්කමක් දිනාගැනිමට 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් නදීෂා රාමනායක සමත්විය. එමෙන්ම, ආසියානු ග්‍රෑන්ඩ් ප්‍රීස් මළල ක්‍රීඩා තරඟාවලියේ දෙවන අදියරේ එම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනිමට ලාන්ස් කෝප්‍රල් නදීෂා රාමනායක සමත්විය.

එමෙන්ම, මෙම තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීටර් 76.92 ක් දුර හෙල්ල විසිකරමින් ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට සහ ආසියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ දෙවන අදියරේ දී එම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනිමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ සුමේධ රණසිංහ සමත්විය. Best Sneakers | Zapatillas de running Nike - Mujer