23rd December 2017 17:24:42 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘ආපදා කළමනාකරණය’ පිළිබඳව යුද්ධ හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සිකුරාදා (27) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 51 දෙනෙකු සහභාගි විය.
කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහාය අධ්‍යක්ෂ ශාන්මුගන්දන් ඉංපරාජන් මහතා, ගංවතුර හා නියඟයන් වැනි හදිසි ආපදා තත්ත්වයකදි ගතයුතු පූර්ව ආරක්ෂක පියවර පිළිබඳ යුද්ධ හමුදා නිලධාරින් දැනුවත් කරන ලදි.
latest jordans | New Releases Nike