Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2023 23:58:19 Hours

‘අහස් මියැසිය’ ගීතමය වැඩසටහනට සමගාමීව යුද සාහිත්‍යය පිළිබඳ වැඩසටහනක්

රත්මලාන වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය (UOVT) මගින් සංවිධානය කරනු ලැබූ ‘අහස් මියැසිය’ ගීතමය වැඩසටහන සඳහා සිදුකරනු ලැබූ ආරාධනාවකට අනුව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කරන රණවිරුව සඟරාවේ කර්තෘ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස් එදිරිසිංහ ඉකුත් බදාදා (මැයි 31) දින සහභාගී වන ලදී.

වැඩසටහනේදී, දශක තුනක් පුරා මෙරට පැවති බෙදුම්වාදී යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාව අහිතකර ප්‍රතිවිපාකයන් අත්විඳින බැවින් ඉදිරියේදී එවැනි ගැටුම් වැලැක්වීම සහ සාමය පවත්වා ගැනීම සඳහා ගතහැකි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.

කථිකාවත සඳහා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය දර්ශන අශෝක කුමාර, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුදේශ් කවිශ්වර සහ වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ගයාන් මධුශංක යන විද්වතුන් කිහිප දෙනෙකු සහභාගී වූහ.

යුද ඉතිහාසය සහ යුද සාහිත්‍යය පිළිබඳව සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාලයක් මගින් මෙවැනි උත්සවයක් සංවිධානය කළ ඉතිහාසයේ පළමු වතාව මෙය විය. මෙම සම්මන්ත්‍රණයේ සම්බන්ධීකරණ කටයුතු යුද්ධ හමුදාව විසින් සිදුකරන ලදී.

වැඩසටහන සඳහා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය සහ සිසුන් සහභාගී වූහ.