Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘අන්තර් රෙජිමේන්තු මේස පන්දු තරගාවලිය 2021’ ශූරතාවය සංඥා බලකායට

යුද්ධ හමුදා මේස පන්දු ක්‍රීඩා කමිටුව මගින් 18 වරටත් සංවිධානය කරන ලද ‘අන්තර් රෙජිමේන්තු මේස පන්දු තරගාවලිය 2021’ පසුගිය මාර්තු මස 24 සිට 26 දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංඥා බලකාය නියෝජනය කරමින් සහභාගී වූ කාන්තා සහ පිරිමි තරගකරුවන් විශිෂ්ට දක්‍ෂතා දක්වමින් තරගාවලියේ ශූරතාවය දිනාගත්හ.

මෙවර පැවති මේස පන්දු තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකාය නියෝජනය කරමින් සහභාගී වූ සංඥා සෙබල වයි.ආර්.එම් ප්‍රියංකර තේරීපත් වූ අතර, සංඥා බලකාය නියෝජනය කරමින් සහභාගී වූ සංඥා සෙබල (කාන්තා) කේ.එම්. පිටිගල කාන්තා අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ජයග්‍රහණය අත්පත් කර ගත්තේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේස පන්දු කමිටුවේ ලේකම් ලුතිනන් කර්නල් සී. විජේකෝන් විසින් මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ කර්නල් සේනාවිධායක, භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේස පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් රන්ජන් ප්‍රේමලාල් උණුසුම් අයුරින් පිළිගත් අතර පසුව, එතුමන් තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතික පත් සහ කුසලතා ප්‍රදානය කළේය. මෙම ත්‍යාග ප්‍රධාන උත්සවය ඉකුත් 26 දින සන්ධ්‍යාවේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක සහ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් අශෝක පීරිස්, ශ්‍රී ලංකා යුද්ධ ස්වේච්ඡා බලකායේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ක්‍රිස්ටි ජයසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

තරඟාවලියේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයින්ගේ නම් පහතින් දක්වා ඇත:

පිරිමි අංශයේ ශූරතාවය - ශ්‍රී ලංකා සංඥා බලකාය

මේජර් එස්.එම්.එස්.කේ විජේසේකර - 6 වන ශ්‍රී ලංකා සංඥා බලකාය

කපිතන් ජේ.ඒ.වයි.එස් ජයකොඩි - 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය

කපිතන් එල්.එස් කාවින්ද - 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය

සංඥා සෙබල එම්.එස්.ඒ පුෂ්පකුමාර - 11 වන ශ්‍රී ලංකා සංඥා බලකාය

සංඥා සෙබල වයි.ආර්.එම් ප්‍රිංකර - 11 වන ශ්‍රී ලංකා සංඥා බලකාය

සංඥා සෙබල කේ.ඩබ්ලිව්.අයි උදංජය - 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය

තරඟාවලියේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩිකාවන්ගේ නම් පහතින් දක්වා ඇත:

සංඥා සෙබල (කාන්තා) ඩබ්ලිව්.එම්.ටී නිමේෂිකා - 12 ශ්‍රී ලංකා සංඥා බලකාය

සංඥා සෙබල (කාන්තා) කේ.එම් පිටිගල - 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය

සංඥා සෙබල (කාන්තා) පී.එච්.එන් නවෝද්‍යා - 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය

සංඥා සෙබල (කාන්තා) ටී.එන් අනුරාධා - 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය

පිරිමි අංශයේ අනුශූරතාවය:

කෝප්‍රල් ජී.ඩී දුෂ්මන්ත - 6 වන ගජබා රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් කේ.ජී.ජී.එල්.එස් ද සිල්වා - 1 වන ගජබා රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් සී.එන් ජයකොඩි - 10 වන ගජබා රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.පී.වී විකුම්සිරි - 10 වන ගජබා රෙජිමේන්තුව

සාමාන්‍ය සෙබල පී.එම්.ඒ.අයි මදුරංග - 10 වන ගජබා රෙජිමේන්තුව

සාමාන්‍ය සෙබල ඩී.ඩී.වී.පී වීරසිංහ - 11 වන ගජබා රෙජිමේන්තුව

කාන්තා අනුශූරතාවය: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය

මේජර් එච්.එච්.ඒ.ජේ.එන් හෙට්ටිආරච්චි - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය

මේජර් ආර්.වී.අයි.එල් රූපසිංහ - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය

මේජර් ඊ.එම්.සී.බී වීරසේන - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය

ලුතිනන් එම්.එම්. අබේරත්න - 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය bridge media | Men’s shoes