Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2023 09:51:54 Hours

‘ARFRO Master Mind Competition - 2023’ ජයග්‍රහණය ගජබා රෙජිමේන්තුවට

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘ARFRO Master Mind Competition - 2023’ වැඩසටහන පසුගිය සිකුරාදා (අගෝස්තු මස 25) දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ ‘Do You Know’ තරඟය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම් 60 ක්, ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම් 20 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් 5 ක් සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල කණ්ඩායමක් ද සහභාගී වූහ. මෙම තරඟයේදී විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් මේ වන විට සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සාමාන්‍ය දැනුම පිළිබඳ පරික්‍ෂා කෙරිණි.

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි එන්ඩීසී පිඑස්සි එම්ෆිල් සහභාගී විය.

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමක් සහ යුද්ධ හමුදාවේ ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාව දිනාගත් අතර ශූරතාවය දිනාගැනීමට යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත්විය.

තරඟය සමාප්තියේ ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි එන්ඩීසී පිඑස්සි එම්ෆිල් සහ විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පි එම්ෆීල් (ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයන) එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන එම්අයිඑම් (ශ්‍රී ලංකා) එන්ඩීසී පීඑස්සී විසින් ජයග්‍රාහකයින් වෙත සහතිකපත් ප්‍රදානය කළහ.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් (ආචාර්ය) කේ.ඩී.බී. පෙරේරා (විශ්‍රාමික), මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.එම්.යූ.ආර්. පෙරේරා (විශ්‍රාමික) විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සි ඇතුළු විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරින් ද සහභාගී වූහ.

තරඟාවලියේ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ:

ප්‍රථම ස්ථානය - ගජබා රෙජිමේන්තුව

මේජර් ආර්.එම්.එස්. කොබ්බෑකඩුව

මේජර් ජී.ඩී.අයි. මෛත්‍රීපාල

මේජර් පි.එම්.පී. පන්නලගේ

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා නාවික හමුදාව

ලුතිනන් කමාන්ඩර් එච්.ඒ.ටී.පී. හෙල්කුඹුර

ලුතිනන් කමාන්ඩර් ජී.එම්. ගුණසේකර

ලුතිනන් කමාන්ඩර් ඩබ්ලිව්.එම්. වික්‍රමසිංහ

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා සංඥා බලකාය

මේජර් එම්.ආර්. හමීම්

මේජර් එස්.එල්. මීගොඩ

කපිතන් ටී.කේ. රාමසිංහ