Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th December 2017 23:51:39 Hours

ළදරු නිවාසයේ ළමයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ගැමුණු හේවා බලකා භටයින් සමාජ සත්කාර සේවාවක

කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සම්බන්ධතාවයෙන් ශාන්ත පීතර දේවස්ථානය සහ ශාන්ත පාවුලු දේවස්ථානය, රත්නපුර ශාන්ත වින්ඩ් ළදරු නිවහනේදී නත්තල් අසිරිය ළමුන් සමග බෙදාහදා ගැනීමේ අරමුණින් සෙනසුරාදා (23) දින නත්තල් උත්සවයක් සංවිධානය කරන ලදි.

ශාන්ත පීතර දේවස්ථානයේ සහ ශාන්ත පාවුලු දේවස්ථානයේ දේවගැති පූජ්‍ය සුරංග පියතුමන් සහ කිතුණු දේවස්ථාන සහෝදරියන් නත්තල් පණිවිඩයත් කිතුණු ආගමික වතාවත් සිදුකිරිම සඳහා මෙම අවස්ථාවට එක්වි සිටියහ.

ළමුන් 35 අධික සංඛ්‍යාවක් නත්තල් බැති ගී ගයමින් ප්‍රසංග අවස්ථාව අලෝකමත් කල අතර, නත්තල් සීයා පැමිණ ළමා නිවාසයේ දරුවන් වෙත ත්‍යාග පාර්සල් පිරිනමන ලදි. ගැමුණු හේවා බලකා භට පිරිස් සංගීතය සපයමින් සහ නත්තල් සීයා ලෙස හැඩගැන්වී ළමා නිවාසයේ දරුවන්ට විනෝද්ස්වාදය ලබාදුන් අතර, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් රසවත් භෝජන සංග්‍රහයක්ද ඔවුන් වෙත පිළියෙල කර තිබුණි.

ගැමුණු හේවා රෙජිමේන්තුවේ නියෝජ්‍ය සේනාවිධායක, රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ අණදෙන නිළධාරි, නිළධාරින් සහ සෙසුනිළයින් මෙම අවස්ථාවට සහභාගි විය.

Nike Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival