Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2022 19:05:30 Hours

හේනානිගල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ පැවති ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලුතිනන් කර්නල් හසිත වැලිකන්න ගේ ආරාධනයකට අනුව මෙම විසිර යෑමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සහභාගි විය.

අඛණ්ඩව මාස 6 ක් පුරාවට පැවති මෙම ආධුනික පුහුණු පාඨමාලා අංක - 37 යටතේ පුහුණුව ලැබූ ආධුනික සෙබලුන් 207 දෙනෙකු සරඹ පුහුණුව, ක්ෂේත්‍ර අභ්‍යාස, මූලික උපක්‍රම, ශාරීරික පුහුණු ක්‍රියාකාරකම්, සිතියම් කියවීම සහ ක්‍රීඩා ආදී පුහුණුවීම් වලට සම්බන්ධ වනු ලැබීය. ආධුනික පුහුණු පාඨමාලාවෙන් පසුව එම ආධුනික සෙබලුන් ශ්‍රී ලංකා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව සහ විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරනු ලැබීය.

මෙම විසිර යෑමේ පෙළපාලිය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ආධුනික සෙබලුන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.

පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සාමාජිකයන් පහතින් දැක්වේ:

දක්‍ෂතම ඛණ්ඩභාර නිලධාරි - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දෙවන ලුතිනන් බී.එම්.සී.ඩී. ජයසුන්දර

දක්‍ෂතම ඛණ්ඩභාර සැරයන් - සැරයන් එච්.ඩී.අයි. පුෂ්පකුමාර

දක්‍ෂතම පෙළ අණදෙන්නා - කෝප්‍රල් ජේ.ඩී.එස්. ජයකෝඩි

දක්‍ෂතම ශාරීරික පුහුණු උපදේශක - කෝප්‍රල් එම්.එම්.එස්. සෝමරත්න

දක්‍ෂතම වෙඩික්කරු - ආධුනික සෙබල එම්.පී.ටී.ඒ. වික්‍රමරත්න

හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - ආධුනික සෙබල වයි.එම්.එස්.පී. කුමාර