Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th December 2020 11:16:29 Hours

හුදකලා කළ මහල් නිවාස සහ බන්ධනාගාර රැඳවූවන් වෙනුවෙන් විශේෂිත වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන හමුදා ආරක්‍ෂාව යටතේ පවත්වාගෙන යාම පිළිබඳ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය සාකච්ඡා කරයි

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝගය පාලනය කිරීම පිළීබඳ ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (08) දින මධ්‍යහනේ පැවති සැසි වාරය සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඇතුළු සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

එහිදී සිය අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන්, අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් අනුව බන්ධනාගාර තුළ ඇති වූ කොවිඩ් - 19 ආසාදිතයන් පිළිබඳ තත්වය පාලනය කිරීම වර්ධනය කිරීම සඳහා ඔවුන් සඳහා විශේෂිත වූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් යාපනය, කන්දකාඩු සහ ගල්ලෑල්ල යන ප්‍රදේශ වල යුද්ධ හමුදා ආරක්‍ෂාව සහිතව පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන බව පැවසීය.

එමෙන්ම, කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස 14 ක් පවතින කොවිඩ් ආසාදිත තත්වය හේතුවෙන් දීර්ඝ කාලීනව හුදකලා තත්වයෙන් පවත්වාගෙන යනු ලබන අතර, එම හුදකලා කිරීම් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් මහල් නිවාස වල ජීවත්වන සියලුම පවුල් ආවරණය වන පරිදි PCR සහ සෘජු ප්‍රතිදේහ (Rapid antigent) පරික්‍ෂාවන් සිදුකිරීම ආරම්භ කරන බවත්, එම පරික්‍ෂණ වල ප්‍රතිඵලයන්ට අනුව මහල් නිවාස සඳහා පනවා ඇති හුදකලා කිරීම් ඉදිරියේදී ඉවත් කිරීමට හැකියාව පවතින බව ද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ඔක්තෝබර් 21 දිනෙන් පසුව තිබූ කොවිඩ් - 19 ව්‍යාප්ත වීමේ තත්වය හා සංසන්දනය කිරීමේදී, පසුගිය සති දෙකක පමණ කාලය තුළ නව රෝගින් හමුවීමේ ප්‍රවනතාවය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව සහ එම ප්‍රදේශයන් දැඩි අවදානම් කලාප තුළ සිදුකරන PCR පරික්‍ෂණ තුලින් ඒ බව වැඩිදුරටත් තහවුරු වන බව ද මෙම සැසි වාරයේදී සාකච්ඡා කෙරිණි.

ඉදිරියේදී උදාවන උත්සව සමයේදී කොළඹ නගරය සහ ශ්‍රි ලංකාවේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සබැඳිව ගතයුතු ක්‍රියාමාර්ග සහ කොළඹ ප්‍රදේශයෙන් තම ගම්බිම් බලා පිටත්වන පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහ කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ කොවිඩ් - 19 වෛරසය සම්බන්ධ ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් යෙදවීමේ අවශ්‍යතාව හා ඒ සඳහා සුදුසු විකල්ප මාර්ග පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.

එමෙන්ම, දේශීය ඖෂධ මගින් කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීම සඳහා වන ඖෂධ පිළිබඳව සොයාබැලීම සඳහා තාක්‍ෂණික කමිටුවක් පත්කරනු ලබන අතර, ඒ තුලින් කොවිඩ් - 19 වෛරසය සඳහා සොයාගෙන ඇති දේශිය/ හෙළ ඔසුවල සුදුසු / නුසුදුසුතාවය පරික්‍ෂා කිරීමට ඇති හැකියාව යන කරුණු පිළිබඳ තවදුරටත් රැස්ව සිටි පිරිකගේ සාකච්ඡාවට බඳුන් විය.

අවසාන වශයෙන්, දෛනිකව ශ්‍රී ලංකාව තුළට විදේශයන්හි සිට පුද්ගලයින් 500 – 600 ක් පමණ රැගෙන ඒමට කටයුතු කරනු ලබන අතර එම පුද්ගලයින්ගේ PCR පරික්‍ෂණ සහ නිරෝධායන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද (08) දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්ස් (Dr. Razia Pendse) මහත්මිය විසින් ශ්‍රී ලංකාව තුළ වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් ඒ සඳහා ප්‍රයෝජනවත් වන තාක්‍ෂණික උපකරණ, වෛද්‍ය උපකරණ හා ඒ සඳහා භාවිත කළ හැකි තවත් උපකරණ තොගයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝගය පාලනය කිරීම පිළීබඳ ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ඉදිරිපිට දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රදානය කරනු ලැබීය.

එම පරිත්‍යාග කළ උපකරණ තොගයේ ලැප්ටොප් යන්ත්‍ර 103 ක් , ශුද්ධ සුනම්‍ය තැටි (Pen drive) 100ක්, බහුමාධ්‍ය ප්‍රත්ශේපණ උපකරණ 11ක්, මුද්‍රණ යන්ත්‍ර 60ක්, ස්වසන ආධාරක (Nebulizers) 20ක්, ඉන්ෆ්‍යුෂන් පොම්ප 05 ක්, තල සහිත ලැරින්ජස්කෝප් 04 ක්, වැඩිහිටියටන් සඳහා භාවිතයට ගත හැකි ඇම්බු බෑග් 20 ක්, සිරිංජර් පොම්ප 10 ක්, ඩෙෆිබ්‍රිලේටර් මොනිටර් යන්ත්‍රයක්, පල්ස් ඔක්සිමීටර් යන්ත්‍ර 85 ක්, මිනි ඔටෝක්ලේව් යන්ත්‍රයක්, හෘද ස්පන්දන මාපක 4 ක්, රෝග විනිශ්චය කට්ටල 2 ක් සහ ඩිජිටල් උෂ්ණත්වමාන 75 කින් සමන්විත විය. Nike air jordan Sneakers | Nike Shoes, Sneakers & Accessories