Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2017 18:04:47 Hours

හැකියාවන් පදනම් කරගත් වෘත්තීමය යුද්ධ හමුදාවක් ඇති කිරීමට කැපවෙන්නයි නව යුද්ධ හමුදාධිපති නිලධාරින් අමතමින් ප්‍රකාශ කර සිටියි

යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස නව තනතුරේහි වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (10) උදෑසන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් යුද්ධ හමුදා මුලස්ථානයේ දී අමතනු ලැබුහ. එහිදි යුද්ධ හමුදාධිපතිවරයා හැකියාවන් පදනම් කරගත් වෘත්තීමය යුද්ධ හමුදාවක් ඇති කරලීම සඳහා සියල්ලන්ගේ කැපවිම අපේක්ෂා කරන බවත් සෑම ක්ෂේත්‍රයකම සොල්දාදුවන්ගේ වෘත්තීමය දැනුම වර්ධනය කිරීමට ක්‍රියා කරන බවත් පවසා සිටින ලදී.

මෙහිදි එතුමා විසින් වැඩිදුරටත් අදහස් දක්වමින් නිලධාරින් සෑමවිටම මහත්මා ගතිගුණවලින් පරිපුර්ණ විය යුතු බව අවධාරණය කළහ. ඕනෑම අයෙකුහට නිලධාරියකු විය හැකි වුවත්, අවශ්‍ය ගුණාංගයන්ගෙන් පිරි මහත්මයෙකු වීමට නොහැකි බවත්, ඒ අනුව ශීෂ්ඨ සම්පන්න මහත්මා ගුණාංගවලින් පිරිපුන්විම වඩා අගය කරන බවත්, එම ගුණාංග තම හැසිරිම් වලින් ප්‍රදර්ශනය විම ප්‍රකාශ කර සිටිමට වඩා වැදගත් බැව් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ධනාත්මක ආකල්ප සහිත ඵලදායි විවේචන තමන් සෑමවිටම සාදරයෙන් පිළිගන්නා අතර, සෑමවිටම තමන් ඉවසිලිමත් ඇහුම්කම් දෙන්නෙකු බවත්, මෙම නව පරිච්චේදයේ දී අභියෝග සාර්ථක ලෙස ජයගනීමින් කැපවීමෙන් යුතුව නියමිත ඉලක්ක කරා ලඟා විය යුතු බවත් අවධාරණය කළහ.

එමෙන්ම, තමා පිළිබඳව පුර්ණ විශ්වාසය තැබු අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත සිය ස්තුතිය පුද කළ යුද්ධ හමුදාධිපතිවරයා තමන්ගේ වසර 36 ක් වු හමුදා සේවා කාලය තුළ ප්‍රථම යුද්ධ හමුදාධිපතිවරයා වු දිවංගත ජෙනරාල් ඩෙනිස් පෙරේරා සහ තමාට පෙර හමුදාධිපති ධුරය හෙඹවු ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියලුම හමුදාධිපතිවරුන්ට ස්තුතිය පළ කරමින් ප්‍රකාශ කර සිටියේ එම හමුදාධිපතිවරුන්ගේ කැපවීම සහ මිළ කළ නොහැකි සේවාව තුලින් දියුණුව කරා ලඟාවු යුද්ධ හමුදාවේ 22 වන හමුදාධිපතිවරයා ලෙස තමන්ට පත්වීමට හැකිවුයේ ඔවුන්ගේ කැපවීම මත බවය. වැඩිදුරටත් තමා වෙනුවෙන් දෙවියන් යදින ලද හා හඬක් නඟන ලද සියලුදෙනා හට කෘතවේදිත්වය පළ කරන බවයි.

ඕනෑම ආයතනයක් තුල මෙන් යුද්ධ හමුදාව තුලද තරඟකාරිත්වයක් තිබීම වරදක් නොවන බවත්, ඒ අනුව ඕනෑම නිලධාරියකට ඉහළම නිලය වන යුද්ධ හමුදාධිපති දක්වා පැමිණිය හැකි බවත්, පවසා සිටි හමුදාධිපතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේ එම තරඟකාරිත්වය සාධාරණ, ශීෂ්ඨ සම්පන්න මෙන්ම මහත්මා ගතිගුණවලින් හේබී තරඟකාරිත්වයක් විය යුතු බවයි.

යුද්ධ හමුදාවේ ඉදිරි අනාගත සැලසුම් පිළිබඳව අදහස් දැක්වු යුද්ධ හමුදාධිපතිවරයා හැකියාවන් පදනම් කරගත් වෘත්තීමය යුද්ධ හමුදාවක් බවට පත්කරලීමේ වැදගත් කම අවධාරණය කළ අතර, අපදා කළමණාකරණය, ජාතිය ගොඩනැගීම, සංහිඳියාව සහ අනෙකුත් ජාතික අවශ්‍යතාවයන් පිළිබඳ පිරිපුන් වෘතිකයන්ගේ අවශ්‍යතාවය පෙන්නුම් කළහ. එමෙන්ම, නිසැකවම සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන, තර්ජණයන්ට මුහුණදීමට ද සුදානම් විය බවත්, ඕනෑම තත්වයක් යටතේ ඕනෑම අභියෝගයකට මුහුණදීමට සොල්දාදුවෙකුට හැකි විය යුතු බවත්, සඳහන් කර සිටියේය. තවද ඔහු දක්ෂ වෘත්තීමය පුද්ගලයෙකු කිරීමට නම් ඔහුගේ දක්ෂතාවයන්, හැකියාවන් සහ වගකීම් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද අවධාරණය කළේය.

යුද්ධ හමුදාව ප්‍රධාන වශයෙන් සාධනිය විධානය ( Mission Command ) අරමුණු කරගනීමින් ක්‍රියා කරනු ලැබීය යුතු බවත්, සෑමවිටම යුද්ධ හමුදාධිපති ලෙස තමන් වගකිම නිසි පරිදි ඉටුකරන බවත්, ඔබද ඔබගේ වගකීම නිසි පරිදි ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, එසේ කිරීමේදි තම වගකිම් පරාසයන් තුළ එම වගකිම් ඉටුකළ යුතු බවත් පැවසිය. එබැවින් ‘මා ඔබගේ කාර්යයන් ඉටු කිරීමට ක්‍රියා නොකරන බවත් සෑම විටම මා ඔබ පිළිබඳව විශ්වාසය තබමින් සමස්ථ යුද්ධ හමුදාව මෙහෙයවනු ලබන බවත්’ වැඩි දුරටත් පැවසිය.

අක්‍රමීකතා සහ වැරදි ක්‍රියාවන්හිදි ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ සිට සාමාන්‍ය සෙබලා දක්වා මා එක හා සමානව ක්‍රියා කරන බවත් අපගේ සංවිධානයේ ‘ශක්තිය’ විනය බවත් සෑම විටම සියලු දෙනා මෙය සිතේ තබාගතයුතු බවත් පැවසිය. සොල්දාදුවෙකු හට පුහුණුව හොඳම සුභසාධනය වන අතර උගත් නිලධාරින් වැඩිපිරිසක් බිහිකිරීමේ අරමුණින් යුතුව ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයක් ඇති කරලීමට ක්‍රියා කරන බවත්, එමෙන්ම ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලාව සහ කැඩෙට් නිලධාරි පාඨමාලවේ සිට ආධුණිකයාගේ පුහුණුව දක්වා ගුණාත්මක ප්‍රමීතියක් ඇතිකරලීම සඳහා නව ආකෘතින් හදුන්වාදෙන බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

යුධ හමුදාවට හඳුන්වා දිය හැකි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගැන අදහස් පලකළ යුද්ධ හමුදාධිපතිවරයා, යුද්ධ හමුදාව තුළ උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා යුද්ධ හමුදාව රටට අවශ්‍ය පරිදි සකස් කළ යුතු බව පැවසු අතර, මේ පිළිබඳව අවශ්‍ය සාකච්ඡා සහ කතිකාවන් සිදුකිරීම තුළින් එම කටයුතු සිදු කර මෙම ව්‍යුහාත්මක වෙනස් කිරීම් යුද්ධ හමුදාවේ පරිපාලනය සහ භඨකාර්ය සම්පාදනයේ උන්ණතිය සඳහා හදුන්වා දිය යුතු බවද දැනුම් දෙන ලදී. එමෙන්ම, තමන් ජිවිතයේ පැමිණේන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සෑමවිටම සුදානම් බවද යුද්ධ හමුදාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළහ.

සම්මුති විරහිතව ජාතික ආරක්ෂාව පිළිබඳ අප සැලකිලිමත් විය යුතු බවත්, පශ්චාත් යුද්ධ සමයක සිටින අප ආකල්ප හා මානසිකත්වය වෙනස් කරගත යුතු බවත්, අප විසින්ම අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම උදෙසා යෝජනා ඉදිරිපත් කරමින් නියමිත පියවර ගත යුතු බවත්, අවධාරණය කළේය. තවද යුද්ධ හමුදාවේ සේවය නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් නීර්ණායක දෙකක් යටතේ එනම් 2009 ට පෙර සහ පසු වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, එය ඉතාම සාධාරණ ක්‍රමය ලෙස මා විශ්වාස කරන බවත් යුද්ධ හමුදාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්මට අනුව යුද්ධ හමුදාවේන් 1/3 ක් යුද්ධමය කටයුතු සඳහා ද අනෙක් 1/3 ජාතිය ගොඩනැගිම සඳහා ද ඉතිරි 1/3 යුද්ධ හමුදාවේ පාලන කටයුතු සඳහා ද යෙදිය යුතුය. තවද යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය නංවාලීමට කටයුතු කළ යුතු බව දැනුම් දෙන ලදී. ඒ සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට අදහස් කරන බවත්, ප්‍රකාශ කර සිටියහ. මෙහිදි තවදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ නිලධාරින් කළමණාකරනය කිරීම පහසු බැවින් සෙසුනිලයින් කළමණාකරනය කිරීම පිළිබඳව ප්‍රමුඛත්වයක් දක්වනු බවයි. ඒ අනුව අනාගතයේ දී කොමිෂන් නොලත් නිලධාරින් ප්‍රධාන කොටම බළ ගැන්විම සුදුසු බවත් අවධාරණය කර සිටින ලදී.

එමෙන්ම, එතුමා රෙජිමේන්තු අධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ඉහත දැක්වු කරුණු සැලකිල්ලට ගෙන රෙජිමේන්තු වලට ආවේනික ගුණාංගයන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත්, පාබල හමුදාවන් සඳහා උපායශීලි කොමිෂන් නොලත් නිලධාරින්, කමාන්ඩෝ සහ විශේෂ බලකාය සඳහා උපායශීලි කෝප්‍රල්වරුනුත් නිර්මාණය කිරීමට අදිටන් කළ යුතු බවත් සඳහන් කරන ලදි.

යුද්ධ හමුදාධිපතිවරයා සිය කතාව අවසානයේ යුද්ධ හමුදාව ජිවත්වීමේ මාර්ගයක් නොවන බවත්, ශුද්ධ වු සේවාවක් බවත් අවධාරණය කළහ.

Nike shoes | THE SNEAKER BULLETIN