Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2017 14:23:21 Hours

හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ලක්විරු’ අධ්‍යාත්මික සුවතා වැඩසටහන් මාලාවේ තවත් එක් භාවනා වැඩසටහනක් සිකුරාදා (31) දින කඳුබොඩ බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

එම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවූ මෙම එක්දින වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයින් 61 ක්, නාවික හමුදා සාමාජිකයින් 19 ක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 07 ක් සහභාගී වූහ.

යුද හමුදාපතිතුමාගේ නිර්දේශය මත යුද හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් හඳුන්වාදුන් මෙම වැඩසටහන් මාලාව මේ වනවිට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ජනප්‍රිය වැඩසටහනක් බවට පත්වී ඇත.

එමෙන්ම, මෙම වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් අඟහරුවාදා (04) මෙම ස්ථානයේ දීම පවත්වන ලදි.

කඳුබොඩ බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන්වහන්සේ විසින් මෙහෙය වූ එම වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයින් 45 ක්, නාවික හමුදා සාමාජිකයින් 16 ක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 06 ක් සහභාගි වූහ.

Nike Sneakers | NIKE HOMME