Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2020 23:49:40 Hours

සුළි කුණාටුව හේතුවෙන් උද්ගත විය හැකි ආපදා තත්ත්වයට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා භටපිරිස්හී සුදානම් වීම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් බදාදා (02) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ‘බුරවි’ සුළි කුණාටු තත්ත්වයෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා යොදවා ඇති යුනිකෝන් රථ, යුනි බෆල් රථ, යාන්ත්‍රික පාබල බලසේනාවේ වාහන, බැකෝ යන්න්‍ර ඇතුළු සියළු වාහන සහ උපකරණ නිරීක්‍ෂණය කරනු ලැබීය.

ඕනෑම හදිසි අවස්ථාවකදී ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම්ව සිටින යුද්ධ හමුදා භටපිරිස් සමගින් අඳහස් හුවමාරු කරගත් ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම හදිසි අපදා කණ්ඩායම ස්ථාපිත කිරීමට හේතුව පිළිබඳ කරුණු පැහැදිලි කරමින් හදිසි සුළි සුලං තත්ත්වයක් ඇති වූවහොත් සිවිල් වැසියන් ආරක්‍ෂා කරගනිමින් තමන් ද ආරක්‍ෂා වන ලෙස භටපිරිස් වෙත උපදෙස් ලබාදුන්නේය.

වන්නි භටපිරිස් හී පෙර සූදානම් වීම පිළිබඳ දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැසසුමට ලක්වූ අතර, එම අවස්ථාවේදී එතුමන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒකාබද්ධ ආපදා මෙහෙයුම්වල මූලික පරමාර්ථයෙන් බොහෝ දුරට අදහස් කරන්නේ ජීවිත හානි, තුවාල හා දේපල හානි අවම කිරීම සහ තමන්ගේම ආපදා කණ්ඩායම් වලට ඇතිවිය හැකි හානිය අවම කිරීම සහ ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දෙන විට නිවැරදි තීරණ සහ ක්‍රියාමාර්ග ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳවයි. Asics footwear | Nike