Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සිවිල් ක්‍රීඩා සමාජ සහ ගැමුණු හේවා බලකා ක්‍රිකට් කණ්ඩායම අතර සුහඳ ක්‍රිකට් තරගාවලියක්

යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 59 වන සේනාංකය යටතේ නයාරු ප්‍රදේශයේ ස්ථාපිත 593 වන බලසේනාව යටතේ ඇති 19 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් සමාජ කණ්ඩායම් 4 ක් අතර ඉකුත් ඉරිදා (13) දින 593 වන බලසේනා ක්‍රීඩාපිටියේදී සුහඳ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විණි.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ලබාදුන් උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම ක්‍රිකට් තරගාවලිය 593 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත පාලම්කුඹුර ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබීය. තරගාවලියේ අවසන් මහා තරගය 19 වන ගැමුණු හේවා බලඇණියේ ක්‍රිකට් කණ්ඩායම සහ කෝකිලායි විග්නේශ්වරන් ක්‍රීඩා සමාජය අතර පැවැත්විණි.

අවසන් මහා තරගයේදී 19 වන ගැමුණු හේවා බලඇණි ක්‍රිකට් කණ්ඩායම ලකුණු 68 ක් රැස් කළ අතර ඔවුන්ගේ ප්‍රතිවාදියා වූ කෝකිලායි විග්නේශ්වරන් ක්‍රීඩා සමාජ කණ්ඩායමට රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 62 ක් පමණි. ඒ අනුව, 19 වන ගැමුණු හේවා බලඇණි ක්‍රිකට් කණ්ඩායම ලකුණු 6 කින් එම තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. Best Sneakers | jordan Release Dates