Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th August 2020 15:48:06 Hours

සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

එම්.ටී.වී/එම්.බී.සී, ‘සිරස’ මාධ්‍ය ජාලයේ ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය යටතේ පිළියන්දල, දම්පේ මාවතේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ 14 වන සේනාංකය එක්ව ඒ යටතේ ස්ථාපිත 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය යොදාගනිමින් මෙම දෙමහල් නිවස අභිනවයෙන් ඉදිකර දෙන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ අධීක්‍ෂණය යටතේ ‘සිරස නිවස’ ව්‍යාපෘතිය විසින් ලබාදුන් මුල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කළහ. අභිනවයෙන් ඉදිකළ නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහභාගි වූ අතර ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය නියෝජනය කරමින් එම්.ටී.වී/එම්.බී.සී, ‘සිරස’ මාධ්‍ය අංශ ප්‍රධානි සමුහ අධ්‍යක්‍ෂිකා නිඩ්‍රා වීරසිංහ මහත්මිය ද සහභාගි විය.

විවිධ දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන ඩබ්ලිව්.කේ. මධුෂංකා කුමාරි මහත්මිය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයින්ට ජීවත්වීමට නිවසක් නොමැතිවීම පිළිබඳ අවධානයට ලක්වීමෙන් අනුතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත අවම පිරිවැයක් යොදා යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නව නිවස ඉදි කෙරිණි. මෙලෙස අභිනවයෙන් ඉදිකළ නිවස ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනුග්‍රාහකයින් විසින් සුබ මොහොතින් නාමපුවරුව නිරාවරණය කර විවෘත කිරීමෙන් අනතුරුව පූරාණ සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා කිරි ඉතිරවීම සිදුකරන ලදී.

මෙම අවස්ථාවට බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න, 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මාලන ප්‍රනාන්දු, ව්‍යාපෘතිය භාර නිලධාරීන්, 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ හා 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීන්, නිවාසලාභීගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ඥාතී හිතමිත්‍රාදීන් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගි වූහ. jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ