Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2020 18:23:20 Hours

සිය ධුරයෙන් නික්මයන ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් (එන්ඩී)බීඑස්පී එන්ඩීසී, එන්සීසී, පීඑස්සී, බීඑන්, (Commodore Syed Maksumul Hakim (ND)BSP ndc ncc psc BN) ගේ සමුගැනීම සනිටුහන් කිරීම වෙනුවෙන් අද (17) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහඳ හමුව අතරතුර, නික්මයන තානාපතිවරයා ශ්‍රී ලංකාවේ හෙඹවූ සිය ධුර කාලය තුළ දෙරට අතර පවතින ද්විපාර්ෂික සම්බන්ධතාවයන් වර්ධනය කිරිම සඳහා තමන් වෙත දැක්වූ සහයෝගීතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත සිය කෘතඥතාව පළ කළේය.

මෙහිදී,බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයන් සිහිපත් කළ යුද්ධ හමුදාධිපති සහ බංගලාදේශ ආරක්ෂක උපදේශක එවැනි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවද කරුණු අවධාරණය කළේය.

මෙම සුහඳ හමුව අවසානයේදී ඔවුනොවුන් අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. Mysneakers | Air Jordan Release Dates 2020