Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2021 13:53:24 Hours

සැබෑ නායකත්ව ගති ලක්ෂණ පිළිබිඹු කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ්-19 එන්නත ලබාගනි

සැබෑ නායකත්ව ගුණය ලොවටම විඳහාපාමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (06) දින යුද්ධ හමුදා රෝහලේදි සිය කොවිඩ්-19 එන්නත ලබාගත්හ. දිවයින පුරා කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සඳහා කැපවී සේවය කරන හමුදා සාමාජිකයන් 63,000 කට අධික පිරිසකට එන්නත් ලබාදී අවසන් වූ පසු යුද්ධ හමුදාධිපති ශවේන්ද්‍ර සිල්වා සිය එන්නත ලබාගැනීම ද විශේෂත්වයකි.

ජනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතාගේ මැදිහත්වීම මත පළමු එන්නත් තොගය ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් අතර, එම එන්නත් තොගය යුද හමුදා රෝහලේදී හමුදා සෙබළුන් හා පළමු පෙළ සෞඛ්‍ය සේවකයින් වෙත ලබා දීමේ අවස්ථාව සඳහා ඉන්දියානු මහ කොමසාරිස් තුමා සමඟ ඉන්දියානු ආරක්‍ෂක සම්බන්ධීකාරක ද පසුගිය දා එක් වූහ.

ආර්ශමත් නායකත්ව ගුණාංග විදහා දක්වමින් යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දිවයිනට ලැබුණු එන්නත් ප්‍රථමයෙන් ප්‍රමුඛතාවය මත කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කැපවී රාජකාරීන්හී නිරතව සිටින හමුදා සාමාජිකයන් වෙත ලබාදීමට උපදෙස් ලබාදී සිය එන්නත අද වනතුරු ලබා නොසිටි අතර, සැලකිය යුතු හමුදා සාමාජිකයන් ප්‍රමාණයකට එන්නත් ලබාදීමෙන් අනතුරුව එතුමන් සිය එන්නත ලබාගත්තේය.

කොවිඩ්-19 එන්නත ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග සහ ඉන්දියානු මහ කොමසාරිස් තුමාගේ දායකත්වය පිළිබද එහිදි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය කෘතඥතාවය පල කළේය. ඉන්දියානු මහ කොමසාරිස්වරයා තමන් එන්නත්කරණයට භාජනය වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පල කළ අතර, මෙවැනි සිදුවීම් හරහා දෙරට අතර පවත්නා සුහඳත්වය සහ ද්විපාර්ශික අවබෝධය ශක්තිමත් වන බව ද ප්‍රකාශ කළේය. (AstraZeneca Covishield ) ‘ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ්’ එන්නත් ප්‍රථම තොගය පසුගිය ජනවාරි මස 28 දින ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, තවත් එන්නත් තොගයක් නොබෝ දිනකින් යුද්ධ හමුදාව වෙත ලබා දෙන බව ඉන්දියානු මහ කොමසාරිස් වරයා පැවසු බව යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි සිහිපත් කරන ලදී.

එසේම ශ්‍රී ලංකාවේ සිටින සංගීතාඥයින්, කලාකරුවන් හා වයස අවුරුදු 60 ට වැඩි පිරිසකට ද අද දින එන්නත් ලබාදිම යුද්ධ හමුදා රෝහලේදී සිදු කෙරිණි.

නිරෝධායන මධ්‍යස්ථානයන්හී රාජකාරීන් සිදුකිරීම, එන්නත් ලබාදිම, ආසාදිතයන් ප්‍රවාහනය කිරීම මෙන්ම ගුවන් තොටුපළේ සිට නිරෝධායන මධ්‍යස්ථාන දක්වාත් පසුව ඔවුන්ගේ ගම්බිම් බලා පිටත් කිරීම වැනි විවිධ රාජකාරීන් දිවයින පුරා විසිරි සිටින හමුදා සාමජිකයන් විසින් සිදු කරනු ලබයි.

කොළඹ යුද්ධ හමුදා රෝහල වෙතින් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, විනිසුරුවරුන්, උසාවි කාර්යමණ්ඩලය, ආගමික පූජකයින් වෙත එන්නත් ලබාදිම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු සහභාගී වූහ. affiliate tracking url | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival