Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2018 16:25:40 Hours

ස්විට්සර්ලන්ත තනාපති යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තනාපති අතිගරු හෙයින්ස් වෝකර් නෙදර්කොර්න් මහතා (Heinz Walker-Nederkoorn) සඳුදා (19) දින යුද්ධ හමුදා මූලස්ථාන‍යේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේ දී පශ්චාත් යුද සමයෙන් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රතිසන්ධාන හා වාර්ගික සහජිවනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාවේ කාර්යභාරය හා වගකීම් පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි තනාපතිතුමන්ව යුද්ධ හමුදාධිපති සහායක කර්නල් කේ.ඒ.ඒ. උදය කුමාර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සුහද හමුව සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ද සහභාගි විය.

Sports News | Footwear