Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th August 2023 20:28:34 Hours

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දූත පිරිසක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඔලිවර් ප්‍රාස් (Mr. Oliver PRAZ) මහතා සහ ප්‍රථම ලේකම් (දේශපාලන) ජස්ටින් බොයිලියට් (Mr. Justine BOILLIA) මහතා ඉකුත් බදාදා දින (2023 අගෝස්තු මස 23) ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේ සුහද සංචාරයක නිරත වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් එම මූලස්ථානය වෙත පැමිණි දූත පිරිස පිළිගනු ලැබු අතර, එහිදි දූත පිරිස සමඟ සංහිඳියාව, සංවර්ධනය, කෘෂිකර්මාන්තය, ආරක්‍ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාවක නිරත විය. තවද ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කාර්යභාරය පිළිබඳවද එහිදි සාකච්ඡාවට බදුන් විය.

මෙම හමුව අවසානයේ දී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර, එහිදි පැමිණි දූත පිරිස විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සටහන්ද තැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ද සහභාගී විය.