Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2022 17:00:42 Hours

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් (His Excellency Michael Appleton) මහතා පසුගිය සඳුදා (03) දින යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සුහද සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සපැමිණි අතිගරු මයිකල් ඇපල්ටන් මහතා ඇතුළු පිරිස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සංචාරයේ නිරත ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය අතර පැවති සුහද හමුවේදී යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ යහපැවැත්ම වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් විවිධ අයුරින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික වැඩසටහන්, සාමය සහ සංහිඳියාව පවත්වාගෙන යාම, සිවිල් වැසියන් හා ආරක්‍ෂක අංශ අතර සුහදත්වය වර්ධනය කිරීමේ වැඩසටහන් වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් සතු භූමිකාවන් පිළිබඳ දැනුවත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මහතා එම කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තබමින් යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආරක්‍ෂව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබන කැපකිරීම පිළිබඳ ඇගයීමට ලක්කළේය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ද එක්වූහ.