Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th December 2020 07:09:18 Hours

ශ්‍රී ලංකාවේ ජපාන මහ කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමන් හමු වී කොවිඩ් - 19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳ තතු විමසයි

ශ්‍රී ලංකාවේ ජපාන මහ කොමසාරිස් අකිරා සුගියාමා (Akira Sugiyama) (16) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුව අතරතුර, ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපල කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම, හමුදා භටපිරිස් සහ සෞඛ්‍ය සේවකයින්ගේ කැපවීම, රටේ වැළැක්වීමේ යාන්ත්‍රණ ආදිය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳ තතු හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ දෙපාර්ශවය අතර සුහදතාවයේ සංකේතයක් ලෙස සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම හමුව සඳහා ජපාන මහ කොමසාරිස් කාර්යාලයේ චිහාරු ඔෂියායි (Ms Chiharu Oshiai) මහත්මිය සහ ආරක්‍ෂක උපදේශක කපිතාන් ගකූ ෆකූරා (Gaku Fakaura) ද සහභාගී වූහ. url clone | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp