Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2023 09:41:08 Hours

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි 1 බලකායේ සංචාරයක

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ අතිගරු තානාපතිනි ජූලි චන්ග් (HE Julie Chung) මහත්මිය, ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී නෙල්සන් (Lieutenant Colonel Anthony C Nelson) සහ සහකාර ආරක්‍ෂක උපදේශක සෙත් නෙවින්ස් (Seth Nevins) මහතා උතුරු පළාතේ සිදුකළ සංචාරය අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 24) දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 1 බලකායේ සංචාරයක නිරතවූහ.

එම මූලස්ථානය වෙත සපැමිණි පිරිස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සුහද සාකච්ඡාවක නිරතවිය.

මෙම සුහද සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කරගැනීම පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර 1 බලකායේ බලකාධිපතිතුමන් විසින් එම බලකායේ කාර්යභාරය පිළිබඳ විස්තර කරමින් සංහිඳියාව, සංවර්ධනය, කෘෂිකාර්මික කටයුතු, ආරක්‍ෂක කටයුතු සහ අනෙකුත් පොදු කරුණු පිළිබඳ විස්තර කළේය.

සුහද හමුව සමාප්තියේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. පසුව, අතිගරු ජූලි චන්ග් (HE Julie Chung) මහත්මිය විසින් 1 බලකායේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.