Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2023 20:10:45 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා මුක්ත භඨ සංගමයේ 42 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා මුක්ත භඨ සංගමයේ 42 වන සංවත්සරය 2023 මැයි මස 28 වන දින පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ සේවා මුක්ත භඨ සංගමයේ ප්‍රධාන උපදේශක මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

සේවා මුක්ත භඨ සංගමයේ සභාපති මේජර් ජෙනරල් චන්දන රාජගුරු (විශ්‍රාමික) විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගත් අතර එහිදි සේවා මුක්ත භඨ සංගමයේ සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අතීත භූමිකාවන්, අනාගත ව්‍යාපෘති සහ සුබසාධන වැඩසටහන් ආදිය කෙරෙහි අවධානය යොමු කරමින් ඊට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී.

සන්ධ්‍යාවේ පැවැති සුහද හමුවකින් අනතුරුව වැඩසටහන අවසන් විය.