Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2023 14:28:01 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ‘වර්ණ රාත්‍රිය’ අති උත්කර්ෂවත් අයුරින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයන්ගේ අද්විතීය ක්‍රීඩා කුසලතාවයන් ඇගයීමට ලක්කරමින් පවත්වනු ලබන ප්‍රථම ‘වර්ණ රාත්‍රිය’ ඉකුත් සඳුදා (20) දින සන්ධ්‍යාවේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවති අතර එහිදි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයන් 477 දෙනෙකු අතරින් විශේෂ ක්‍රීඩා කුසලතාවයන් දැක්වූ ක්‍රීඩකයින් 75 දෙනෙකු වෙත වර්ණ ප්‍රදානය කරනු ලැබු අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් උත්සව පරිශ්‍රය වෙත පැමිණීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීම සහ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් පිළිගැනීමේ කථාව සිදුකරන ලදී.

ජාත්‍යන්තර, ජාතික සහ යුද්ධ හමුදා මට්ටමේ ක්‍රීඩා ඉසව්වලදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ක්‍රීඩකයින් 75 දෙනෙකු වෙත අත්පොලසන් මධ්‍යයේ වර්ණ ප්‍රදානය කිරීම ඉන් අනතුරුව සිදුකෙරුණු අතර ඒ සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහ හිටපු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ජගත් ජයසූරිය (විශ්‍රාමික) සහභාගී වූහ.

එහිදි ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති විසින් විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් වෙත "Armour Legends" (Lifetime Achievement Awards) සම්මාන ප්‍රදානය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කළේය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ වර්ණ ප්‍රදානෝත්සවයට ඓතිහාසික වැදගත්කමක් එක් කරමින්, හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් රොහාන් දළුවත්ත ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ බිරිද වන ජයන්ති දළුවත්ත මැතිණිය සහ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ බිරිද වන ලලි කොබ්බෑකඩුව මැතිණිය විසින් පැසිපන්දු සහ රග්බි ක්‍රීඩාවේ විශිෂ්ඨයින් සඳහා ‘Armour Legends (Life Time Achievers Awards) සම්මාන පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. ඉන් අනතුරුව, ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වීම අගයමින් ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත යුද්ධ ටැංකියක අනුරුවක් ප්‍රදානය කරන ලද අතර, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ද විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ක්‍රීඩකියින් දිරිගන්විමින් අනාගතයේදී ද ක්‍රීඩා කුසලතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබාදෙන ලදී. එම මුදල් ත්‍යාගය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගනු ලැබීය.

එහිදි ක්‍රීඩකයින් ඇමතු යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සියලුම ක්‍රීඩකයින් තම ක්‍රීඩා කුසලතාවයන් ප්‍රදර්ශණය කරමින් දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ධජ ඉහලින් එසවීමටත් ඒ සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරන්තර සහයෝගය තවදුරටත් ලබාදෙන බවට සහතික වෙමින් සියලුම ක්‍රීඩකයින් ඇගයීමට ලක් කළේය. අනතුරුව එම ක්‍රීඩකයන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටිමටද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කටයුතු කරන ලදී.

මෙම වර්ණ ප්‍රධානෝත්සවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම සහ උපදෙස් මත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්. පී කාරියවසම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී. එන් විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.