Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th December 2022 18:40:26 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අන්තර් ඒකක පිහිනුම් තරඟාවලිය සාර්ථකව අවසන්

3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් ඒකක පිහිනුම් තරඟාවලිය - 2022 පසුගිය බදාදා (30) දින අනුරාධපුර සල්ගාදු පිහිනුම් සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම පිහිනුම් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් සහභාගී විය. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සියලුම ඒකක නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 60 දෙනෙකු සහභාගී වූහ.

තරඟාවලියේදී දස්කම් දක්වමින් 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ පිහිනුම් ක්‍රීඩකයින් ශූරතාවය හිමිකරගත් අතර 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ පිහිනුම් ක්‍රීඩකයින් අනුශූරතාවය හිමිකරගත්හ.

තරඟාවලිය තුලදී කැපීපෙනෙන දක්‍ෂතා පෙන්නුම් කරමින් අන්තර් ඒකක පිහිනුම් තරඟාවලිය - 2022 හි හොඳම පිහිනුම් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගැනීමට 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රෝහක සෙබල කේ.එස්.ආර්. පීරිස් සමත්විය.