Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd February 2023 12:19:17 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ මූලිකත්වයෙන් පැවැත්වෙන ‘තාක්‍ෂණික සම්මන්ත්‍රණ’ මාලාවේ සමාරම්භය යුද්ධ හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් ‘Precise Human - Technology Symmetry for Better Organizational Efficacy’ යන මැයෙන් පැවැත්වීමට නියමිත ‘තාක්‍ෂණික සම්මන්ත්‍රණ’ මාලාවේ ප්‍රථම සම්මන්ත්‍රණය ඉකුත් බදාදා (22) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ආරම්භ කරනු ලබන මෙම සම්මන්ත්‍රණ මාලාව ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී. හේරත් ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ප්‍රධාන සංඥා නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ‍.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන සංඥා නිලධාරිතුමන් විසින් පිළිගැනීමේ කථාව සිදුකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම අවස්ථාවට පැමිණි සිටි පිරිස අමතා මෙම සම්මන්ත්‍රණය පිළිබඳව අදහස් දැක්වූ අතර, 12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී කර්නල් කේ.වී.පී. ධම්මික යූඑස්පී පීඑස්සී විසින් දේශනයන් සඳහා පැමිණි ආරාධිත දේශකයන් දෙපල හඳුන්වා දෙන ලදී.

මෙම සම්මන්ත්‍රණය සඳහා දිවයින පුරා රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා නිලධාරීන් 160 කට අධික පිරිසක් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ සහභාගී වූහ.

සැසිවාරයේ පළමු දේශනය සිදුකරනු ලැබූ මහාචාර්ය සුදත් ආර්. මුණසිංහ මහතා ‘Mandatory Defence of Critical Military Infrastructure in the Cyber Domain to Launch National Cyber Operations’ මැයෙන් සිය දේශනය සිදුකරනු ලැබීය. ඉන් අනතුරුව‍ දේශනය පැවැත්වූ ආචාර්ය පැරකුම් පතිරණ විසින් ‘Acquisition and Adoption of Advanced Communication Technology Enhances Organizational Efficiency’ මැයෙන් සිය දේශනය සිදුකරන ලදී. තෙවන කථිකයා ලෙස 12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරීතුමන් ‘Military-Technology Status quo: Where We Are? යන තේමාව යටතේ දේශනයක් සිදුකළේය.

‘Recap and Link to Future - Revolutionary AI Applications re-demarcate Intelligence and Security’ මාතෘකාව ඔස්සේ මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ අවසන් දේශනය පැවැත්වීමෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර සැසියක් ද පැවැත්විණි. සැසිවාරය සමාප්තියේ ප්‍රධාන සංඥා නිලධාරිතුමන් විසින් ආරාධිත කථිකාචාර්යවරුන් වෙත ඇගයීම් සංකේත පිරිනැමීය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කලමණාකරණ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී යූඑස්පී, පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.සී ලමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.