Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්‍රීඩිකාවන් නව වාර්ථා පිහිටුවමින් ජාතික තරඟාවලිය සඳහා සුදුසුකම් ලබති

ජාතික සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පවත්වනු ලබන ‘99 වන ජාතික ශූරතා’ තරඟාවලියේදී ශ්‍රී ලංකා සංඥා බලකායේ මළල ක්‍රීඩිකාවන් විශිෂ්ඨ වාර්ථාවන් පිහිටුවමින් ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජාතික තරඟාවලියේ ඉසව් කිහිපයක් සඳහා සුදුසුකම් ලැබූහ.

සුගතදාස ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින තුළ පැවති මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා සංඥා බලකායේ ක්‍රීඩිකාවන් මෙම නව වාර්ථා පිහිටුවීමට සමත්වූහ.

එහිදී, රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 3 සෙන්ටි මීටර් 57 ක් වාර්ථා කරමින් 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.එල්.එස්.කේ පෙරේරා ප්‍රථම ස්ථානය හිමිකරගත්තාය. මීට අමතරව, මීටර් 400 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් පිහිටවූ වාර්ථාව බිඳදමමින් මිනිත්තු 2 තත්පර 2.52 කදී මීටර් 800 ඉසව්ව සම්පූර්ණ කරමින් ප්‍රථම ස්ථානය දිනාගෙන තවත් නව වාර්ථාවක් පිහිටුවීමට 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.ජී.ඩී.එම්.එස්. කුමාරසිංහ සමත්වූවාය.

ශ්‍රී ලංකා සංඥා බලකායේ අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ කැපී පෙනෙන දස්කම් පහත පරිදි වේ:  

පිරිමි දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය - 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ කෝප්‍රල් ඩී.ඒ.ජී.ජේ. විමලසිරී

පිරිමි මීටර් 5000 දිවීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය - 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.ඩී.එස්. දිසානායක

කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය - 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.එල්.එස්.කේ. පෙරේරා

කාන්තා මීටර් 100 දිවීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය සහ කාන්තා මීටර් 200 දිවීමේ ඉසව්වේ දෙවන ස්ථානය - 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.ටී.ඒ. ඩී සිල්වා

කාන්තා මීටර් 400 දිවිමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය - 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.ජී.ඩී.එම්.එස්. කුමාරසිංහ

කාන්තා මීටර් 100 දිවිමේ ඉසව්වේ තෙවන ස්ථානය - 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල එම්.වයි.එෆ්. සාෆියා

කාන්තා තුන් පිම්ම ඉසව්වේ තෙවන ස්ථානය - 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ආධුනික සෙබල කේ.ඒ. ඒ. සෙව්වන්දි